
වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂයද එළඹෙන ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් සිය සෞඛ්‍ය සැලසුම් එළිදක්වා තිබෙනවා.
ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති ස්ථානවල ඇති ඇඳන් අසාධ්‍ය නොවන රෝගීන් සඳහා ලබාදීම වේගවත් කල යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.
දැනට වික්ටෝරියා ප්‍රාන්තය මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි.

එහෙත් නිරෝධායන මධ්‍යස්ථානවල ඇති ඇඳන් භාවිතයට ගෙන ඇත්තේ කිහිපයක් පමණක් බව වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය පෙන්වා දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය සඳහා යෝජිත ඩොලර් මිලියන 35 ක දුම්රිය ව්‍යාපෘතිය නතර කර එම මුදල් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් යොදවන බවත් – සෞඛ්‍ය සේවකයන්ට නොමිළයේ ප්‍රවාහන පහසුකම් සපයන බවටත් වික්ටෝරියා විපක්ෂය විසින් මේ වනවිටත් පොරොන්දු දී තිබෙනවා.
