මොරිසන් යටතේ කොවිඩ් පාලනය ගැන හොයන්න රාජකීය කොමිසමක්

හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් රජය යටතේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති රාජකීය කොමිසමක් පත් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

වත්මන් ෆෙඩරල් රජය විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් කුමන හෝ විමර්ශනයක් පවත්වන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව අමාත්‍ය ධුර 05 ක දිවුරුම් දී තිබුණේ තමාට රට තුළ කොවිඩ් වසංගතය පාලනය සඳහා අමතර බලතල අවශ්‍ය යැයි ප්‍රකාශ කරමිනුයි.

ඒ අනුව වසංගතය නියමාකාරයෙන් පාලනය කෙරුණේදැයි මෙහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

ස්කොට් මොරිසන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් තවදුරටත් ඔහුට පක්ෂව මෙන්ම විපක්ෂවද මතවාද පළවෙමිනුයි පවතින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »