ඇමති ධූර 03 කථාවට ස්කොට් මොරිසන් උත්තර දෙයි

SCOTT MORRISON

කොවිඩ් වසංගත සමයේ රහසිගතව අමාත්‍ය ධුර 03 ක දිවුරුම් දීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන් සාධාරණීකරණය කර තිබෙනවා.

රට තුළ පැවති අතිශය තීරණාත්මක තත්වය හමුවේ අමතර වගකීම් පවරා ගැනීම කිසිදු වරදක් නොවන බවයි අද පෙරවරුවේ ගුවන් විදුලි ආයතනයකට ප්‍රකාශයක් දෙමින් ඔහු සඳහන් කලේ.

ජනතාව හෝ අනෙකුත් කැබිනට් මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමකින් තොරව මෙම දිවුරුම්දීම සිදු කල බව හිටපු අගමැතිවරයා මෙහිදී පිළිගනු ලැබුවා.

කෙසේවෙතත් එය නීතියට පටහැණි නොවන බවයි ස්කොට් මොරිසන් අවධාරණය කලේ.

කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමට මෙම පියවර ඉවහල්වූ බවයි හිටපු අගමැතිවරයා කියාසිටියේ.

මේ අතර ඊයේ අනාවරණය කල අමාත්‍ය ධූර 03 ට වඩා වැඩි සංඛ්‍යාවක හිටපු අගමැති ස්කොට් මොරිසන් කටයුතු කර ඇති බවට මේ වනවිට තහවුරු වි ඇති බවයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනිස් අද අනාවරණය කලේ.

මේ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විමර්ශනයක් පවත්වන බවද ඔහු අවධාරණය කලා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »