ලොක්ඩවුන් සමයේ මොරිසන්ගේ හොර වැඩක් ගැන විමර්ශනයක්

කොවිඩ් වසංගත සමයේ ඔස්ටේ්‍රලියාව ලොක්ඩවුන් කර තිබියදී එවක අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව අමාත්‍ය ධුර 03 ක දිවුරුම් දී ඇතැයි එල්ලවන චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් පවත්වන බව වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

සෞඛ්‍ය – මුදල් සහ සම්පත් යන අමාත්‍ය ධූර 03 හි සම (joint) අමාත්‍ය ධූරවල මෙලෙස දිවුරුම් දුන් බවටයි ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වන්නේ.

සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් මත මේ පිළිබඳ නීතිමය පියවර ගන්නා බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

රටවැසියන්ට නොදන්වා සිදුකල මෙම ක්‍රියාව පිළිබඳ දැනුවත්වීමට සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ට අයිතියක් ඇතැයිද වත්මන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

තමා අද දිනය තුළදීම මේ පිළිබඳ නීති උපදෙස් ගන්නා බවත් ඔහු සඳහන් කලා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »