ඔස්ටේ්‍රලියා Masters සහ PhD ශිෂ්‍යත්ව සඳහා ලාංකිකයන්ටත් අවස්ථාව

මෙම වසරේදී ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාලවල ආචාර්ය සහ ශාස්ත්‍රපති උපාධි ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන් ඇතුලු රටවල් රැසක පුරවැසියන්ට තවදුරටත් අවස්ථාව විවෘතව පවතිනවා.

විශ්ව විද්‍යාල 41 ක් පමණ මෙම වැඩසටහනට දායක වන අතර බොහෝ ඒවායෙහි පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමද විශේෂත්වයක්.

වසර 02 ත් 04 ත් අතර අධ්‍යයන කාලයක් සඳහා ඔස්ටේ‍රලියාව තුළදී අදාළ පාඨමාලා හැදෑරීමට මේ යටතේ අවස්ථාව පවතිනවා.

පාඨමාලා ගාස්තු – සෞඛ්‍ය රක්ෂණය – සංචාරක දීමනාවක් – ජීවන වියදම් දීමනාවක් ඇතුලු වියදම් මෙම ශිෂ්‍යත්වය යටතේ ආවරණය වනවා.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය එක් එක් විශ්ව විද්‍යාලයට වෙනස් වන අතර පහත එක මගින් අදාළ සියලු තොරතුරු ලබාගත හැකියි.

https://opportunitiespedia.com/australian-government-research-training-program-2022-fully-funded/?fbclid=IwAR0HKVoG2aij0MyioeyRysRgIwDdtnyPs0iq-8b8dVaU-dIez2YDD7ve7xI

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »