Search

ලබන සතියේ ක්වන්ටාස් උඩින් නැතිව බිමින්

ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සමාගම්වල ඉංජිනේරුවරුන් සිය ගණනක් ලබන සතියේදි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ ක්වන්ටාස් ඉංජිනේරුවරුන් සඳහා එකවර සියයට 12 ක හා ජෙට් ස්ටාර් ඉංජිනේරුවරුන් සඳහා ඉදිරි වසර 04 තුළදී සියයට 15 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

2019 වසරේ සිට පැවති සාකච්ඡා බිඳ වැටීම හමුවේ මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ අනුව ලබන සඳුදා සිට පැය 12 ක වර්ජනයක් සහ අතිකාල සේවා සඳහා සහභාගී නොවී සිටීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

ලබන සතියේදි බළධාරීන් සමග තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවද ගුවන් ඉංජිනේරුවරුන් සඳහන් කර තිබෙනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »