Search

වික්ටෝරියා පෙර පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙර පාසල් ළමුන් 140,000 කට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 270 ක්.

එමගින් එක් දරුවෙකු සඳහා වසරකට ඩොලර් 2,500 ක උපරිමයක් දක්වා එක් පවුලකට ඉතිරි කර දෙන බව වික්ටෝරිය ප්‍රාන්ත රජය පෙන්වා දෙනවා.

මෙමගින් 04 හැවිරිදි දරුවන්ට සතියකට පැය 15 ක් සහ තුන් හැවිරිදි දරුවන්ට සතියකට පැය 5 සිට 15 දක්වා පෙර පාසල් අධ්‍යාපනය ලබා ගත හැකියි.

වසර 2032 වනවිට පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය වෙන් කර ඇති ඩොලර් බිලියන 09 ක ආයෝජන වැඩපිළිවෙල සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් අමතර ගුරුවරුන් 5,000 ක් අවශ්‍ය වන බවටයි ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

සෑම දරුවෙකුටම හොඳම ජීවිතයක් සඳහා හොඳම ආරම්භයක් යන තේමාව යටතේයි වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ව අධ්‍යාපනය සඳහා කම්කරු රජය විසින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරනු ලබන්නේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »