Search

ඔස්ට්‍රේලියාවේ ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න නව නීතියක්

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රාන්ත රජය විසින් සලකා බලමින් සිටින මෙය ඔස්ට්‍රේලියාවේ එවැනි පළමු නීති සම්පාදනය වන අතර එමගින් වයස අවුරුදු 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වනු ඇති.

ළමා මානසික සෞඛ්‍ය සහ සංවර්ධනය කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳ ලැබෙන සාක්ෂි වැඩි වීම හේතුවෙන් මෙම නීතිමය වෙනස්කම් විමර්ශනය කරමින් පවතින බවයි අගමැති පීටර් මලිනවුස්කාස් ප්‍රකාශ කළේ.

TikTok සහ Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුම් සඳහා ලියාපදිංචි වීමට පරිශීලකයින්ට අවම වශයෙන් වයස අවුරුදු 13ක් විය යුතු වනවා.

කෙසේ වෙතත් එම වයස් සීමාව නීතියක් බවට පත් කර නැහැ.

අගමැතිවරයා සඳහන් කළේ ළමයින්ට සමාජ මාධ්‍ය මගින් ඇති කරන බලපෑම ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.

රජයක් ලෙස දරුවන් ආරක්ෂා කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව සහතික වන බව ද ඔහු අවධාරණය කළා.

නව නීති මගින් වයස අවුරුදු 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුමකට ප්‍රවේශ වීම තහනම් කිරීමට අමතරව අවුරුදු 14 සහ 15 ළමුන් සඳහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට දෙමාපියන්ගේ ද අනුමැතිය ද අවශ්‍ය වනු ඇති.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »