Cash in Hand ගෙවන Cleaning කොන්ත්‍රාත්කරුවන්ට දැඩි අනතුරු ඇගවීමක්

DOLLAR-MONEY.

ඔස්ටේ්‍රලියාවේ Cash in Hand ක්‍රමයට මුදල් ගෙවන කොන්ත්‍රාත්කරුවන් හට බදු කාර්යාලය (ATO) විසින් දැඩි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ආදායම් බදු ගෙවීමෙන් වැළකීම සඳහා අත්පිට මුදලින් වැටුප් ගෙවීම බරපතල ක්‍රියාවක් ලෙසයි ඔවුන් හඳුන්වාදී ඇත්තේ.

විශේෂයෙන් ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාර – පිරිසිදු කිරීමේ සේවා සපයන ව්‍යාපාර – භාණ්ඩ ප්‍රවාහන සේවා – ආරක්ෂක සේවා වැනි ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට සහ උප කොන්ත්‍රාත්කරුවන්ට අත්පිට මුදලට වැටුප් ගෙවන බවටයි හෙළිකරගෙන ඇත්තේ.

කොන්ත්‍රාත්කරුවන් 950,000 කට ඩොලර් බිලියන 350 ක පමණ සිදුකළ ගෙවීම් පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව බදු කාර්යාලය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

බදු වලට යටත්ව අදාළ ගෙවීම් සිදුකරමින් අගෝස්තු 28 වනදා වනවිට බදු කාර්යාලය වෙත නියමිත බදු ගොණුවක් ඉදිරිපත් කරන්නැයිද දන්වා තිබෙනවා.

බදු ගෙවිය හැකි ගෙවීම් වාර්තා කිරීමේ පද්ධතිය බදු කාර්යාලයට මෙම ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට ඉඩ සලසා ඇති බවද සඳහන්.

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »