බටහිර ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි ලිහිල් කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රෝහල් සඳහා පැමිණෙන අමුත්තන් අනිවාර්ය කොවිඩ් පරීක්ෂණවලට භාජනය විය යුතු බවට වන නියමය ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ලබන සඳුදා සිට අධියරෙන් අධියර කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමක්ද සිදුකරන බවයි ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

රෝහල් කාර්ය මණ්ඩල සඳහා මුව ආවරණ නීති ලිහිල් කිරීමද ඊට අයත්.

රෝගීන් බැලීම සඳහා අමුත්තන්ට දී ඇති කාලය දීර්ඝ කිරීමටද බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් තවදුරටත් එන්නත්කරණයට ලක්ව සිටීම අනිවාර්ය වන අතර අහඹු කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමද සිදුවනු ඇති.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »