Search

රනිල් වෙත නොයන්න ජවිපෙන් තීරණයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අනුව, එම අදාළ යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කලේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගීවීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ සඳහන් කල නමුත් රාත්‍රියේදී එම තීරණය වෙනස් කර තිබුණා.

මේ අතර බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.

ඒ වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින්.

අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් එය පැවත්වෙනු ඇති.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »