Search

ඔස්ටේ්‍රලියාවේ මරණ අතර 03 වන තැන කොවිඩ් ට

මෙම වසරේ මුල් මාස 07 දී ඔස්ටේ්‍රලියාව තුළ සිදුවූ මරණ සඳහා බලපෑ හේතු අතර 03 වන ස්ථානයට කොවිඩ් රෝගය පත්ව තිබෙනවා.

ජූලි 31 වනදායින් අවසන්වූ කාලය තුළදී කොවිඩ් රෝගය වැළඳීමෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 7100 කට අධිකයි.

එය දෙවැනි වනුයේ හෘද රෝග සහ මානසික රෝග හමුවේ සිදුවූ මරණවලට පමණයි.

මෙතෙක් ඔස්ටේ්‍රලියාව තුළ මරණ සඳහා වැඩිම හේතු ලෙස සැළකුණු පෙනහලු පිළිකා සහ ආඝාතය යන තත්වයන් අභිබවා මේ අනුව කොවිඩ් වෛරසය පෙරමුණට පැමිණ සිටිනවා.

වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් සටහන් වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එය 1,934 ක්.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »