
ගව මුඛ සහ කුර රෝගය පැතිරිම වළක්වාලීම සඳහා ඩොලර් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
ජෛව ආරක්ෂණය සඳහාම පුහුණු කරන ලද 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු බඳවා ගැනීමද ඊට අයත්.
ප්‍රාන්ත අගමැතිනී පැවසුවේ අද දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත කැබිනෙට්ටුව දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

කිසියම් අයුරකින් ගව මුඛ සහ කුර රෝගය පැතිර ගියේ නම් ඔස්ටේ්‍රලියා ආර්ථිකයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවන්නට ඇති බවටයි අනතුරු අගවා තිබුණේ.
එය වළක්වාලීමට මේ වනවිට පියවර රැසක්ද අනුගමනය කෙරෙමින් පවතිනවා.
