Aged Care සේවකයන්ට සුභ ආරංචියක්

Aged Care සේවකයන්ට අර්ථවත් වැටුප් වැඩි කිරීමක් හිමිවන යෝජනාවක් කොමිසම වෙත අද දිනයේදී ඉදිරිපත් කිරීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා.

මීට අදාළව පත් කර ඇති රාජකීය කොමිසමද පසුගියදා නිර්දේශ කර තිබුණේ Aged Care සේවකයන්ට සැළකිය යුතු වැටුප් වැඩිකිරීමක් ලබාදෙන ලෙසයි.

Aged Care විෂය භාර ඇමතිනී අනිකා වෙල්ස් පැවසුවේ කොපමණ අගයකින් වැටුප් වැඩි කරන්නේද යන්න ප්‍රකාශයට පත් නොකරන නමුත් සාධාරණ වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බවයි.

මේ අතර අවම වශයෙන් සියයට 25 ක වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය බව වෘත්තීය සමිති අවධාරණය කරනවා.

ඒ අනුව පැයක වැටුප අවම වශයෙන් ඩොලර් 05 කින් ඉහළ යා යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා සිටින සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 02 කට අධිකයි.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »