Search

යුපුන්ට ලෝකඩ පදක්කම – කවපෙත්තෙන් ලංකාවට රිදී පදක්කමකුත්

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය ලැබීමටයි ඔහුට හැකිවූයේ.

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම ඉසව්වේ රන් පදක්කම තත්පර 10.02 කාලයකින් ඉසව්ව නිමා කල කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර තත්පර 10.13 කින් ඉසව්ව අවසන් කල දකුණු අප්‍රිකාවේ මකානි සිම්බිනෙ විසින් රිදී පදක්කම දිනා ගනු ලැබුවා.

මේ අතර කවපෙත්ත විසිකිරීමේ ඉසව්වකින් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල සමත්වුණා.

ඒ මීටර් 44 යි දසම 2 ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

මේ අනුව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් සමගින් ශ්‍රී ලංකාවෙ මේ වනවිට පදක්කම් සටහනේ 24 වන ස්ථානයට පත්ව සිටිනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »