ගාලු මුවදොර අරගලකරුවන්ට අනිද්දා සවස 05 ට කලින් අයින් වෙන්න කියයි

ගාලූ මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කොටුව පොලීසිය විසින් දැනුම්දී ඇත්තේ අනිද්දා (05) සවස 05 ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පියවර ගත යුතු බවයි.

එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »