ක්වීන්ස්ලන්ඩ් 190 සහ 491 වීසා නවතම තොරතුරු ප්‍රකාශයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සම්බන්ධ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 – 23 මුල්‍ය වර්ෂය සඳහා බලපාන මෙම නව නියමයන් යටතේ ආචාර්ය උපාධිධාරීන් සඳහා 190 සහ 491 වීසා ඛාණ්ඩවලින් ඕනෑම ඛාණ්ඩයකට අයදුම් කළ හැකියි.

ඒ සඳහා නිපුණතා රැකියා ලැයිස්තුවේ තමන්ගේ අධ්‍යාපනයට අදාළ රැකියාව තිබිය යුතුයි.

ඊට අමතරව තවත් කොන්දේසියන් වන්නේ ක්වීන්ස්ලන්ඩ් හිදී පාඨමාලාව අවසන් කළ යුතු අතර පසුගිය වසර 2 තුළ නිබන්ධනය පිළිබඳ තීරණයක් ලබාගෙන හෝ උපාධිය සම්පුර්ණ කර තිබිය යුතු වීමයි.

ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධිධාරීන් සඳහා අයදුම් කළ හැක්කේ 491 වීසා ඛාණ්ඩයට පමණයි.

නම් කරන ලද හෝ ඊට සමීපව සම්බන්ධ රැකියාවක අවම වශයෙන් සතියකට පැය 20 ක, අවම වශයෙන් මාස 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතු වනවා.

මාස 12 ක් සඳහා සතියකට අවම වශයෙන් පැය 20 ක් සඳහාවත් Job offer එකක් තිබිය යුතු වීමද අනිවාර්යයි.

දැනටමත් ක්වීන්ස්ලන්ඩ් හි වාසය කරන පුහුණු ශ්‍රමිකයින්ට 190 වීසා සඳහා මෙන්ම 491 වීසා සඳහා ද අයදුම් කළ හැකි වනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »