Search

12 – 17 අතර ළමුන් සඳහා Novavax එන්නත පිළිබඳ දත්ත සමාලෝචනයක්

NOVAVAX

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම හෙවත් ATAGI විසින් වයස අවුරුදු 12 – 17 අතර ළමුන් සඳහා Novavax එන්නත භාවිතය පිළිබඳ දත්ත සමාලෝචනයක් ආරම්භ කර තිබෙනවා.

ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් ජුලි 28 වන දින Novavax එන්නත තාවකාලිකව අනුමත කලා.

මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා Moderna Spikevax එන්නත භාවිතා කිරීම පිළිබඳ උපදෙස් අවසන් කරමින් සිටින බවයි තාක්ෂණික උපදේශක කණ්ඩායම කියාසිටියේ.

ඉදිරි සතිවලදී, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අතිරේක RAPID පරීක්ෂණ කට්ටල මිලියන 11.87 ක් බෙදා හරිනු ඇති.

දකුණු ඔස්ට්‍රේලියාව සිය නොමිලේ flu එන්නත් කිරීමේ වැඩසටහන අගෝස්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

-SBS-

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »