ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ සියයට 30 ක වැඩිවීමක්

ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ඒ එන් අයි පුවත් සේවය පළකර ඇති වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවේ මිලියන 22 ක ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවයකට මුහුණ දී සිටින බවයි.

කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට විශේෂයෙන් ඇගළුම් අංශයේ රැකියා අහිමි වී ඇති බව මෙහි සඳහන්.

මෙම තත්ත්වය හමුවේ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ ප්‍රවණතාවක් ඇති බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙනවා.

පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ සියයට 30 ක පමණ වැඩි වීමක් දක්නට ලැබෙන බව ද අනාවරණ වී තිබෙනවා.

කාන්තාවන්ගේ රැකියා අහිමි වීමත් සමග ඔවුන් ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල සේවයට යොමු වෙමින් ලිංගික ශ්‍රමිකයින් ලෙස ආදායම් ඉපැයීමට පෙළඹී ඇති බව මෙම වාර්තාවේ අන්තර්ගතයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »