Search

වික්ටෝරියා කොවිඩ් රැල්ල උච්චම ස්ථානයට

වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් රැල්ල උච්චම ස්ථානයට ළගා වී ඇතැයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් පවසනවා.

කෙසේවෙතත් දැනට නිල තොරතුරු ලෙස ඉදිරිපත් වන ආසාධිතයන් ගණන සමාජයේ සිටින සැබෑ ආසාධිතයන් ගණනෙන් අඩකටත් අඩු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රැපිඩ් පරීක්ෂණ හරහා සියයට සියයක් ආසාධිතයන් හඳුනාගැනීමක් සිදුනොවීම ඊට හේතුවයි.

ඉදිරි සති කිහිපයේදී දෛනික ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ අගයන්ගෙන් වැඩි වනු ඇති බවටද මහාචාර්ය බ්‍රෙට් සට්න් අනතුරු අගවනවා.

සුදුසුකම් ලබා ඇති සියල්ලන් 04 වන මාත්‍රාව ලබාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »