Search

ලෝක බැංකුවෙන් ලංකාවට යළිත් රතු එළියක්

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට කිසිදු නව මූල්‍ය උපකාරයක් නොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය සඳහන් කරන්නේ රටේ වත්මන් ආර්ථික තත්වය සහ ජනතාවට මුහුණදීමට සිදුව ඇති තත්වය පිළිබඳ දැඩි කණගාටුවට පත්ව සිටින බවයි.

දැනට අනුමත වී ඇති ණය මුදල්වල අරමුණු වෙනස් කර ඖෂධ – ගෑස් – පොහොර – පාසල් ළමුන්ට ආහාර සහ දිළිඳු ජනයාට මුදල් උපකාර සැපයීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් ලෝක බැංකුව අවධාරණය කරනවා.

මේ අනුව දැනටමත් ඩොලර් මිලියන 160 ක පමණ මුදලක් එම අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් යොදවා ඇති බවයි ලෝක බැංකු නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් සෙසු සංවර්ධන හවුල්කරුවන් සමග එක්ව දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »