IMF වෙතින් ලංකාවට තවත් අවවාදයක්

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

එහි ආසියානු හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් සඳහන් කර ඇත්තේ චීනය, ශ්‍රී ලංකාවේ විශාල ණය හිමියෙකු වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව, චීනය සමග ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග තාක්ෂණික සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක මූල්‍ය ණයක් අපේක්ෂා කරන අතරවාරයේයි මෙම අදහස් පළවන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව සංවර්ධන බැංකු ණය සහ මහ බැංකු හුවමාරුව ඇතුළුව මූල්‍යකරණ පහසුකම් සඳහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කට අධික ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතරින් වැඩිම ආයෝජනයක් සිදුකර ඇති රට වන්නේ ද චීනයයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »