
පසුගිය මැයි මාසය හා සැසඳීමේදී මෙම මාසයේ ගුවන් ටිකට්පත් ගාස්තු සියයට 14 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කෙටි ගමනාන්තයක් වෙත සිදුකර ආපසු පැමිණෙන ගුවන් ගමනක් සඳහා සාමාන්‍ය ගාස්තුව ලෙස දක්වා ඇත්තේ ඩොලර් 1761 ක මුදලක්.
මෙම කාලයේදී වැඩිම ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ ගොස් ඇත්තේ සිඩ්නි සිට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් දක්වා වන ගුවන් ගමනයි.

ප්‍රතිශතයක් ලෙස එහි ගාස්තු වැඩිවීම සියයට 47 ක්.
පර්ත් සිට ජොහැන්නස්බර්ග් දක්වා සියයට 44 කින්ද / මෙල්බන් සිට හවායි දක්වා සියයට 32 කින්ද ගුවන් ටිකට් ගාස්තු වැඩිවී තිබෙනවා.

මෙල්බන් – බාලි ගුවන් ගමනක් සඳහා මේ වනවිට ඩොලර් 850 ක් ගෙවීමට සිදුවන අතර එහි ගාස්තු වැඩිවීම සියයට 33 ක්.
කෙසේවෙතත් ඔක්තෝබර් – නොවැම්බර් වනවිට නැවතත් ගුවන් ටිකට් ගාස්තු යම්තාක් දුරකට අඩුවනු ඇති බවද සඳහන්.