
ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ වැල්ලම්පිටිය කුරුණියාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩෑන් ප්‍රියසාද් ගේ සහෝදරයායි.

බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙම තැනැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.