Search

වික්ටෝරියා ඔස්ටේ්‍රලියාවෙන්ම අංක 01 වෙයි

ඔස්ටේ්‍රලියාවේ ඉහළම ක්‍රියාකාරීත්වයක් සහිත ආර්ථිකය සහිත ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත් වී තිබෙනවා.

ඒ වසර 02 ක් පුරා එම ස්ථානයේ පසුවූ ටස්මේනියා ප්‍රාන්තය අභිබවා යමින්.

වික්ටෝරියා හි ශක්තිමත් රැකියා වෙළඳපොල මීට හේතුවී ඇති බවයි අද නිකුත් වූ වාර්තාවක දැක්වෙන්නේ.

මේ වනවිට ප්‍රාන්තයේ විරැකියා අනුපාතය වසර 50 කට පසු අවම අගය වන සියයට 3.2 ක් ලෙස සටහන් වනවා.

පසුගිය ජූනි මාසයේදී වැඩිම රැකියා සංඛ්‍යාවක් බිහිවී ඇත්තේද වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එය 28,000 කට අධිකයි.

මේ අනුව දැනට ප්‍රාන්තයේ සිටින ශ්‍රම බලකාය ලක්ෂ 35 ඉක්මවා ගොස් ඇතැයි සඳහන්.

සිල්ලර මිළදී ගැනීම් වෙනුවෙන් සෑම ප්‍රාන්තයකටම වඩා වික්ටෝරියා හි වියදම් කිරීමද ඉහළ ගොස් තිබෙනවා.

Australia’s best performing state economies

1. Victoria
2. Australian Capital Territory
3. Tasmania
4. Queensland
5. Western Australia
6. South Australia
7. New South Wales
8. Northern Territory

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »