ඔස්ටේ්‍රලියානුවන් මිලියන භාගයකට අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 05 කට ආසන්න පිරිසකට දීර්ඝ කොවිඩ් හෙවත් long COVID තත්වය ඇතිවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

2020 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 90 කට ආසන්න පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇතැයි සඳහන්.

ඒ අතරින් 450,000 කට වැඩි පිරිසක් මෙම තත්වයට මුහුණ දෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දීර්ඝ කොවිඩ් තත්වය යනු පළමුවෙන් වෛරසය වැළඳී මාස 03 කට පසුවත් එම තත්වය පවතීනම් හෝ අවම වශයෙන් අඛණ්ඩව මාස 02 ක් රෝග ලක්ෂණ පැවතීමයි.

එමෙන්ම පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් දීර්ඝ කොවිඩ් තත්වයට ගොදුරුවීමේ ප්‍රවණතාවය සියයට 22 කින් ඉහළ අගයක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »