
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන වල තිබූ පෞරාණික භාණ්ඩ ඇතුළු විශේෂ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්ව තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ ඒ භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
ඇතැම් පුද්ගලයන් මෙම ස්ථාන වල පෞරාණික භාණ්ඩ සහ යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බවද පොලිසිය කියයි.

ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලට අරගල කරුවන්ගේ මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස් රිංගා ඒවායේ තිබූ බඩු භාණ්ඩ සොරකම් කරගෙන ඇති බවද පොලිසිය කියා සිටී.
අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කර ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය දැනටමත් තීරණය කර ඇත.
