ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ හා දරු උපත් ගැන අලුත් අනාවරණයක්

ඔස්ටේ්‍රලියාවේ උපත් අනුපාතිකය පසුගිය වසර 10 තුළදී කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

2010 වසරේදී වයස අවුරුදු 15 ත් 44 ත් අතර කාන්තාවන් 1000 ක් අතුරින් 64 දෙනෙකු දරු ප්‍රසූති සිදුකර තිබුණා.

2020 වසර වනවිට එම සංඛ්‍යාව 56 දක්වා පහළ ගොස් ඇති බවයි අද නිකුත් වූ වාර්තාවක දැක්වෙන්නේ.

එම වසරේදී කාන්තාවන් 291,712 දෙනෙකු දරුවන් 295,796 දෙනෙකු බිහි කර තිබූ අතර උපත් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාවට අඩුවෙනුයි සටහන්වී ඇත්තේ.

පළමු වරට දරුවෙකු බිහි කරන කාන්තාවන්ගේ වයසෙහි සාමාන්‍යය 2010 වසරේදී අවුරුදු 28 ක් ලෙස පැවති නමුත් 2020 දශකයේදී එය 29 දක්වා ඉහළගොස් තිබෙනවා.

බාලවයස්කාර දැරියන් විසින් සිදුකල දරු උපත් ප්‍රතිශතය 2020 දශකයේදී අඩකින් පමණ අඩුවීමද යහපත් ප්‍රවණතාවයක් ලෙසයි දැක්වෙන්නේ.

කෙසේවෙතත් සංක්‍රමණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බැවින් උපත් සංඛ්‍යාව අඩුවීම එතරම් බලපෑමක් ලෙස සැළකෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »