නව අගමැති ලෙස දිනේෂ් දිවුරයි

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙරට සමාජවාදයේ පියා වන, බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන් අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය.

1949 මාර්තු 02 උපන් දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී.

දිනේෂ් ගුණවර්ධනයන් පාසල් අධ්‍යාපනය ලැබුවේ, කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පසුව, ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය ආශ්‍රිත මෙන්ම ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකර ගත්තේ, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙනි.

දිනේෂ් ගුණවර්ධනයන් විවාහ වූයේ, රමණි වත්සලා කොතලාවල සමගය. 1980 මැද භාගයේ ඇය හදිසියේ මියගිය අතර ආදරණීය, දරු දෙදෙනා වන්නේ, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන යදාමිණි ගුණවර්ධන හා සංඛපාලි ගුණවර්ධනය.

අමාත්‍යවරයකු වූ ඉන්දික ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක ධුරය මෙන්ම දෙවරක් නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ ගීතාංජන ගුණවර්ධන, කොළඹ පුරපති වූ ප්‍රසන්න ගුණවර්ධන, ලේඛිකා ලක්මාලි ගුණවර්ධන ඔහුගේ සහෝදර සහෝදරියන්ය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1983 අතුරු මැතිවරණයෙන්, මහරගම මන්ත්‍රීවරයා ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.

එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු,

• ප්‍රවාහන අමාත්‍ය (2000 ඔක්. – 2001 සැප්.),

• ප්‍රවාහන හා පරිසර අමාත්‍ය (2001 සැප්.-2001 දෙසැ.),

• නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය (2004 අප්‍රේල් -2007 ජන.),

• උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ( 2004 අප්‍රේල් – 2005 නොවැ.),

• නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය (2007 ජන.-2010

අප්‍රේල්)

• නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මෙන්ම ජල සම්පාදන

හා ජලාපවහන අමාත්‍ය (2010 අප්‍රේල් -2015 ජන.)

• මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය (2018 නොවැ.- 2018 දෙසැ.),

• විදේශ කටයුතු මෙන්ම හා කුසලතා සංවර්ධන සහ රැකියා හා කම්කරු අමාත්‍ය

(2019 නොවැ.-2020 මාර්තු),

• විදේශ අමාත්‍ය ( 2020 අගෝ-2021 අගෝ),

• අධ්‍යාපන අමාත්‍ය (2021 අගෝ. -2022 අප්‍රේල්),

• රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය (2022

අප්‍රේල් සිට මේ දක්වා)

මෙන්ම,

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

• (2008 ජූනි -2010 පෙබ.),

• (2010 මාර්තු -2010 අප්‍රේල්),

• (2010 මැයි -2015 ජන.),

හා

පාර්ලිමේන්තුවේ සභානායක

• (2018 ඔක්. -2018 දෙසැ.),

• (2020 ජන.-2020 අගෝ.),

• (2020 අගෝ. සිට මේ දක්වා).

ධුර දරා ඇත.

 

එමෙන්ම මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තුනක සභාපති ධුරය දරා තිබේ.

(2003 – 2004),

(2006 – 2007),

(2021- 2022).

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »