
අන්තර්ජාතික හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 102 වන ස්ථානයේ පසුවනවා.
ඒ, රටවල් 111ක් අතරින්.
එම දර්ශකයේ ශ්‍රී ලංකාව සහ සූඩානය සම මට්ටමේ එනම් 102 වන ස්ථානයේ පසුවනවා.

ලොව හොඳම විදේශ ගමන් බලපත්‍රය ලෙස හිමි රට ලෙස එහි පළමු ස්ථානයේ රැඳෙන්නේ ජපානය සහ සිංගප්පූරුවයි.
එම රටවල විදේශ ගමන් බලපත් හිමි අයෙකුට රටවල් 192කට නිදහස් වීසා හිමි බවද එම දර්ශකයේ සඳහන්.

ඔස්ටේ්‍රලියාව 07 වන ස්ථානයේ පසුවනවා.
දකුණු ආසියාතික රටක් වන පාකිස්තානය දර්ශකයේ 108 වන ස්ථානයේත් දර්ශකයේ අවසන් ස්ථානයේ එනම් 111 වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් ස්ථානගත වී තිබෙනවා.