Search

ඔස්ටේ්‍රලියානු සමාගම් සේවකයන් ගෙදර තියයි

ඉහළ යන කොවිඩ් අවධානමත් සමග සිය සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීම සඳහා වැඩි අවස්ථාවක් දීමට Telstra සහ Westpac ආයතන තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කිසිදු රෙගුලාසි පැණවීමක් සිදුකර නොමැති අතර සේවකයන්ට රිසි පරිදි නිවසේ හෝ කාර්යාලයේ සිට රාජකාරි කල හැකි බවයි ඔවුන් නිවේදනය කලේ.

හැකිතාක් මුව ආවරණ පළඳින ලෙසත් නිවසේ සිට රාජකාරි කරන ලෙසත් ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය පෝල් කෙලී පෙරේදා දිනයේදී සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් නිවසේ සිට රාජකාරි කිරීමට රජය මෙම අවස්ථාවේ නියෝග ලබා නොදෙන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ඔස්ටේ්‍රලියාවෙන් හමුවීමත් සමග ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »