ජනපති රනිල්ගේ පළමු කැබිනෙට්ටුව හෙට දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරු 09 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධුරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගන්නා ලද බැවින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද දින සිට බලපැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බවයි මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව

පාර්ලිමේන්තු මැතිවරණ පණත ප්‍රකාරවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »