මූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා : IMF

ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රකාශය සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ රජයක් ඇති වූ වහාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම් බව

ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ඇය සඳහන් කළාය.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »