
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි.
ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා තහවුරු කලේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවන බවයි.
තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිටත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකිරීමට අවසර දෙන ලෙසයි රනිල් වික්‍රමසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක්ද අනුර දිසානායක ඡන්ද 03 ක් ද ලබා ගත්හ.
මන්ත්‍රීවරුන් 223 ක් ඡන්දය ප්‍රකාශ කල අතර දෙදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.
