සජිතුත් ජනපති සටනට – පාර්ලිමේන්තුවේ තීරණාත්මක රැස්වීම අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව එහිදී මන්ත්‍රීවරුන්ට නිවේදනය කිරීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ලබන 19 වනදාට නාම යෝජනා කැඳවන බවත් ජනාධිපතිවරයා තෝරා ගැනෙන ඡන්ද විමසීම ලබන 20 වනදා සිදු කරන බවත් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා විසින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා තෝරන ඡන්දය සඳහා තමන් තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් සටහනක් තබමින් තහවුරු කලා.

පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට බහුතරය ඇතත් සත්‍යය ජයගනු ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තරග කළ යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම් රැස්විමේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බවට ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත.

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »