මහින්ද – බැසිල්ට විදේශ ගතවීම වළක්වාලමින් නියෝගයක්

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන බව ද නියෝගයේ සඳහන්.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »