Breaking: ජනපති ඉල්ලා අස්වීම කථානායක නිල වශයෙන් කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි කතානායකවරයා සඳහන් කලේ.

නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දින 07 තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කලා.

නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බවයි කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුව හෙට රැස්වීමටද නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කලා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »