අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ලබන සඳුදා දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඉහළ යන කොවිඩ් තත්වය සහ කොවිඩ් සහන මුදල් ගෙවීම් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
කොවිඩ් හමුවේ හුදකලා කෙරුණු පුද්ගලයන් සඳහා සිදුකල ගෙවීම් කිහිපයක් ජූලි පළමුවනදා සිට නතර කෙරුණා.
ඒ අනුව ඇතැම් සේවකයන්ට රැකියාව කිරීමට නොහැකිව වැටුප්ද නොමැතිව නිවසට වී සිටීමටයි සිදුවී ඇත්තේ.
ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 47,000 ක්.
දැනට ෆිජී හි සමුලුවකට සහභාගී වී සිටින අගමැති ඇල්බනීස් ලබන සඳුදා රටට පැමිණි වහා මෙම හදිසි ජාතික කැබිනට් රැස්වීම පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.