අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාසගේ නම අද කථානායක වෙත

සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියාසිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂය නියෝජනය කරන සියලූම පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් ද සජිත් ප්‍රේමදාසට සහාය පළ කර තිබෙනවා.

අදාළ සාකච්ඡාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10 නියෝජිතයන්, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නියෝජිතයා ලෙස ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »