Breaking: ජනපති මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යයි

GOTABAYA

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සිංගප්පූරුවට යාමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවට යොමුකරනු ඇති බව සදහන්.

ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි.

SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවයි එම පුවත් සේවය වාර්තා කළේ.

කෙසේවෙතත් ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම ගුවන් යානයේ ගමන් කර නොමැති බව ද එම පුවත් සේවය වාර්තා කර තිබුණා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »