වික්ටෝරියා හි Great Ocean Road ආසන්නයේ skydiving කිරීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
පැරෂූටය නිසි පරිදි විවෘත නොවීම හේතුවෙනුයි මරණය සිදුවී ඇත්තේ.
ඔහු සමග තවත් අයෙකුද ඇද වැටී ඇති නමුත් එම පුද්ගලයාට කිසිදු හානියක් සිදුවී නැහැ.