ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ඇමතිවරයෙකුට දෙන්නැයි උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කොටුව පොලීසියට බලපෑම්

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානය වෙත භාරදුන් රුපියල් මිලියන 17 හමාරක මුදල අමාත්‍යවරයෙකුට භාරදෙන ලෙසට ඉහළ පොලිස් නිලධාරියෙකු කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

අරගලයේ නිරතවූ සාමාන්‍ය ජනතාවගෙන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එම මුදල සොයා ගැණුනා.

පසුව එම මුදල  ජනාධිපති මන්දිරයේ එම අවස්ථාවේ සේවයේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිෂේද ප්‍රනාන්දු වෙත භාරදීමටයි එම පිරිස තීරණය කළේ.

එහෙත් එම මුදල තමන් විසින් භාරගැනීම නීත්‍යානුකූල නොවන බැවින් එය කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසට එම පොලිස් නිලධාරියා නිහතමානී ලෙස අරගලයේ නිරතව සිටි එම සාමාන්‍ය ජනතාවට පවසා තිබෙනවා.

පසුව අදාළ පිරිස විසින් රුපියල් මිලියන 17 හමාරක් වන එම මුදල කොළඹ කොටුව පොලිස් ස්ථානයට භාරදී තිබුණා.

අනතුරුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ එම මුදල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියවිලිවලට අදාළ කටයුතු එම මොහොතේම සිදුකර තිබෙනවා.

ඔහු විසින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මුදල් සොයාගත් ස්ථානයට කඩිනමින් පිටත් කර එම ස්ථානයේ ඡායාරූප ගැනීමටත්, මුදල් භාරදුන් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් කටයුතු කර තිබුණා.

එවන් පසුබිමක් තුළ කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් අදාළ මුදල කැබිනට් අමාත්‍යවරයෙකුගේ නමක් සඳහන් කර ඔහුට භාරදෙන ලෙසට පොලීසියේ උසස් නිලධාරියෙකු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

තමන් එම මුදල අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සලසා ඇති බැවින් එලෙස මුදල් අන්සතු කිරීමට නොහැකි බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, අදාළ උසස් පොලිස් නිලධාරියා වෙත පවසා තිබෙනවා.

එසේ වුවත් එම මුදල අදාළ අමාත්‍යවරයා වෙත භාරදෙන ලෙසට එම උසස් පොලිස් නිලධාරියා දිගින් දිගමට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

තමන් එම මුදල සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගන්නා බැවින් එලෙස කිසිවෙකුටත් එම මුදල ලබානොදෙන බව කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, අදාළ උසස් පොලිස් නිලධාරියා වෙත අවධාරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා.

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »