මන්ත්‍රී ජේසන් වුඩ් අද හෙටම ලංකාවට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිමට හැකි සෑම උත්සාහයක්ම දරන බව ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් පවසනවා.

ඉතා නුදුරේදී තමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වන බවත් බොහෝ ඔස්ටේ්‍රලියානුවන්ද එලෙස කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම පිළිබඳ සටහනක් තබමිනුයි ජේසන් වුඩ් මේ බව සඳහන් කරන්නේ.

රට යළි ගොඩගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන්ගේ කැමැත්ත තමා වටහා ගෙන ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කලේ.

තමා නිරතුරුව ලාංකික ප්‍රජාව සමග සමීපව කටයුතු කරන බවත් මන්ත්‍රී ජේසන් වුඩ් කියාසිටියා.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »