Search

වික්ටෝරියා සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen කට්ටල 15 ක් නොමිලේ

COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය සියලුම පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් නොමිලේ ලබා දෙනු ඇත.

විශේෂ පාසල්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අමතර Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් ලැබෙනු ඇත.

Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 46.4 ක් ලබා දීමෙන් මුහුණට මුහුණ පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සහතික කිරීමට හැකිවෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වර්තමාන නව කොවිඩ් රැල්ල හිස ඔසවමින් තිබුණද මුව ආවරණ අනිවාර්යෙන් පැළදීම, කොවිඩ් නීති හා lockdown කිරීම් යළි බලාත්මක කිරීම අපහසු බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, පැවසීය.

ඔස්ට්‍රේලියාව මුව ආවරණ පැළදීම අනිවාර්ය කිරීමේ පුළුල් නීති, lockdown කිරීම්  වැනි දේවල්වලින් ඔබ්බට ගොස් ඇති බව ඔහු පැවසීය.

ඒ වෙනුවට, තමන්ගේ ආරක්ෂාව සඳහා මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ වගකීම භාරගෙන තමන්ම නිවැරදි දේ කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

-SBS-

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »