
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් සියලුම දෙනා පාහේ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කල යුතු බවටද යෝජනා වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නිකුත් කර ඇති ට්විටර් සටහනක සඳහන්.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ආරක්ෂාව යටතේ හමුදා කණ්ඩායමක් විසින් ආරක්ෂිතව තබාගෙන සිටින බව නම හෙළි කල නොහැකි ආරක්ෂක ප්‍රධානියෙකු උපුටා දක්වමින් බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ඔහු තවමත් ජනාධිපතිවරයා බවද එම නිළධාරියා පවසා තිබෙනවා.