විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් – රුපියල් විසිදහසත් ලක්ෂයත් අතර මාසික ප්‍රතිලාභයක්

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දේ.

නීත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

විදේශ ගත ශ්‍රමිකයින් සදහා වූ විශ්‍රාම වැටුප සදහා, ශ්‍රමිකයින්ට විදෙස් මුදල්වලින් වාරික ගෙවීමට අවස්ථාව හිමිවේ. විශ්‍රාම වැටුප සදහා වන දායක්තව මුදල් ගෙවමින් සිටියදි කිසියම් ශ්‍රමිකයෙක් මිය ගියහොත් අදාල වාරික මුදල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෙවනු ලබයි.

ඉන් පසුව ප්‍රතිලාභ අදාල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමටද කටයුතු කරනු ඇත.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අනුව රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවේ.

ශ්‍රමිකයින් විදේශ ගත කරනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතන විසින්, ශ්‍රමිකයාගේ විශ්‍රාම වැටුප සදහා වන දායකත්ව මුදලින් සියයට විසිපහක් ලබාදෙන්නේ නම් එම ආයතන සදහා විශේෂිත අවස්ථාවන් ලබාදීමට නියමිතව ඇත.

ඉන්ධන හිගය, ගෑස් හිගය සහ ඖෂධ හිගයට විසදුම් ලබාදීම සදහා මාසිකව ණය නොවන විදේශ විනිමය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් ලංකාවට ගෙන්වා ගත යුතු බවද ඒ සදහා විදේශ ගත ශ්‍රමිකයින් සිය පවුල්වලට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මුදල් එවිය යුතුව ඇති බවද මනුෂ නානායක්කාර ඇමැතිවරයා සදහන් කළේය.

එසේ නීත්‍යානුකුලව මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රජයෙන් කළ යුතු වගකීමක් ලෙස මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වාදෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා සදහන් කළේය.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »