Search

කඩදාසි නැතිව ලංකාවේ විදුලි බිල්පත් නිකුත් කිරීම නවතයි

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද 03 ක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම් ඔවුන් වෙත මාසික මනු කියවීමේදී තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කෙරෙනු ඇති.

කෙටි පණිවිඩ මගින් මාසික මනු කියවීමෙන් පසු විදුලි බල මණ්ඩලය සමග ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක්’මගින් මාසික විදුලි බිල්පත එවීමට පියවර ගෙන තිබෙනවා.

03 වන ක්‍රමය වන්නේ ජංගම දුරකථන යෙදුම හරහා බිල්පත ලබා ගැනීමේ පහසුකමයි.

මෙම නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමට ද දායක වනු ඇති.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »