
ආර්ථික අර්බුදයක් ඇති නොවීම සඳහා අනෙක් රටවල් ආරක්ෂාකාරී පියවර ගත යුතු බවට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක අකිම් ස්ටෙයිනර් පෙන්වා දෙන්නේ යුක්රේන රුසියා අර්බුදය හමුවේ ලොව පුරා රටවල් රැසක ආර්ථික අවපාතයන් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
විශේෂයෙන් ණය බරින් පෙළෙන රටවලට උපකාර කරන ලෙස සංවර්ධිත රටවලට දැනුම් දී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කලා.

ලෝක ආහාර වැඩසටහන ඊයේ නිකුත් කල වාර්තාවක දැක්වුණේ පසුගිය වසරේදී ලොව පුරා මිලියන 828 ක ජනතාව කුසගින්නෙන් පෙළී ඇති බවයි.
එය 2020 වසරට වඩා මිලියන 46 ක ඉහළ යාමක්.
