Flight Cancel කිරීම ගැන ශ්‍රී ලංකන් කරුණු පහදයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට ප්‍රචාරය වන ඇතැම් අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට අපේක්ෂා කරන බව එම ගුවන් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි බවට තහවුරු කරන බවයි.

පවතින තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගුවන් ගමන් කාලසටහන්වල වෙනස්වීම් සිදුකර ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තෝරාගත් විදේශීය ගුවන් තොටුපළවල තාක්ෂණික නැවතුම් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව ඇතැම් ගුවන් ගමන්වල වේලාව සහ කාලසීමාවේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවයි ගුවන් සමාගම සඳහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාලසටහන් සංශෝධනවල බලපෑම නොතකා තම ගුවන් ගමන් කාලසටහන 100%කට ආසන්න කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට සහතික වන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »