හෙට – අනිද්දා විරෝධතා නතර කෙරෙන වාරණ නියෝග ඉල්ලීම ඉවතට

හෙට සහ අනිද්දා දිනවල කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතා නතර කෙරෙන වාරණ නියෝගයක් දෙන්නැයි පොලිසිය කල ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ.

හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂකයන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය ඉල්ලා තිබුණා.

අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලතල ඇති හෙයින් අදාළ

ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »